May 19, 2024

88-89 ගැන කතා කිරීමට අනුර කුමාර විවාදයක් ඉල්ලයි

December 03, 2015

88-89 කාල සීමාවේ දී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් කතා කිරීමට සතියක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේ දී ඉල්ලී ය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමට කොමිසමක් පත්කළ යුතු බවයි.

සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා, විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් තමන් විවේචනය කළ බවත් නමුත් ඔවුන්ට විරුද්ධව චෝදනා තිබෙන හෙජින් ගිවිසුම, රටවිරු සංවිධානයේ මුදල් ලබාගැනීම, ඇවන්ට් ගාඩ් ගනුදෙනු පිළිබඳව තමාට තොරතුරු ඉදිරිපත් කළ හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

එමෙන්ම 88 - 89 සිදුවීම් පිළිබඳ කතා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ බිය නොමැති බවත් එකල ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ නිවෙස් තුළ පවත්වාගෙන ගිය වධකාගාර පිළිබඳව ද තමාට කරුණු කිව හැකි බවත් අනුර කුමාර මහතා ප්‍රකාශ කළේ ය.

 

Rate this item
(0 votes)