May 19, 2024

පොලිස් පොඩ්ඩන් පොලිස් ලොක්කන් වෙයි

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු 121 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස රාජ්‍ය සේවා කොමිසම මගින් උසස් කොට ඇත.

එම පොලිස් නිළධාරීන්ගේ ලේඛණය රාජ්‍ය සේවා කොමිසම මගින් ඉකුත් 14 වැනි දා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඊට අනුව එම උසස් වීම් ලබා දී ඇත්තේ ජනවාරි මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි බව වාර්තා වෙයි.

එම උසස් කිරීමේ නියෝග පළාත් සභා මැතිවරණය අවසන් වීමෙන් පසු නිකුත් කිරීම පොලිස් මූලස්ථානය සූදානමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 11:56