May 19, 2024

ඇවන්ගාඩ් සමග තිබූ සියළු ගිවිසුම් ජනපති අහෝසි කරයි

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර පැවති ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක  රාජිත  සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

ඊයේ (11) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති අතර එම සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක මහත්වරු ද සහභාගී වී තිබේ.

සිදුව ඇතැයි පැවසෙන නීති විරෝධී ගණුදෙනු පිළිබඳව මෙම සාකච්ඡාවේ දී තොරතුරු හෙළි වූ බවත්, ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපති දැන්වූ බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2015 09:31