May 19, 2024

රාජ්‍ය සේවකයා ජනතාවට සේවය කරන හැටි අනුර කුමාර හෙළි කරයි 

November 12, 2015

සමස්ත ජනතාවට මෙන්ම ගොවි ජනතාවට රාජ්‍ය සේවකයන් සේවා ලබාදීම ප්‍රමාණවත් නොවන බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සේවා ලබාගන්නට යන බොහෝ පිරිසට හවසට අරක්කු කාලක් බී ගෙදර යාමට සිදු ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ නාවුල කඩවත ප්‍රදේශයේ දී මොරගහකන්ද ජලාශයට යටවන පවුල්වල ජනතාව සමග පැවති සාකච්ඡාවක දී ය.

රටේ සමස්ත රාජ්‍ය සේවය කඩා වැටි ඇති බව ද එයට වගකිව යුත්තේ දේශපාලනය පිරිස බවත් අල්ලසට, කොමිස් එකට බොහෝදෙනා යට වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ප්‍රාදේශීය ලේකම්වරු අහිංසක ජනතාව ප්‍රශ්න කතා කිරීමට යනවිට බොරුවට ලියමින් ජනතාව බිය වද්දන බවත් අවසානයේ ජනතාව එම කාර්යාලයේ දවස ගෙවා පැමිණි කාරණය ද ඉටුකර ගත නොහැකි ව සවසට ගෙදර යන්නේ බාර් එකෙන් මත් පන් පානය කරමින් බවත් යනුවෙන් හෙතෙම එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)