May 19, 2024

සිසුන්ට නිල ඇඳුම් ලබාදීමට නව ක්‍රමවේදයක් 

November 12, 2015

2016 වසර සඳහා පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වෙනුවෙන් වවුචර ක්‍රමයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඊයේ (11) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන මහතා සඳහන් කළේ ය.

ඒ අනුව 2016 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා නොදෙන අතර ඒ සඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත.

එය ලබාදෙන ආකාර පිළිබඳ සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම නව ක්‍රමවේදය අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ව ඇත.

පාසල් නිල ඇඳුම් ලබාදීමේ දී එම රෙදිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු ව ඇති ගැටළු සලකා බලා මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රමිතියෙන් ‍යුත් රෙදි මිල දී ගෙන ඇතැම් විට එම මුදලින්ම නිල ඇඳුම මසා ගැනීමට හැකිවන පරිදි මෙම වවුචරය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)