June 26, 2024

සෝභිත හිමියන්ගේ දේහය කෝට්ටේ නාග විහාරයට

November 09, 2015

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය බොරැල්ලේ සිට කෝට්ටේ ශී‍්‍ර නාග විහාරය දක්වා විශේෂ රිය පෙරහැරකින් වැඩම කරවීය. 

මේවනවිට උන්වහන්සේ වැඩසිටි කුටියේ දේහය තැන්පත් කර ඇති අතර අද(09) දහවල් 12.00 සිට ලබන බ‍්‍රහස්පතින්දා දක්වා උන්වහන්සේගේ දේහය කෝට්ටේ ශී‍්‍ර නාග විහාරයේ තැන්පත් කර තැබෙනු ඇත. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 309 දරණ විශේෂ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 09.00 ට පමණ උන්වහන්සේගේ දේහය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කරවනු ලැබී ය. අනතුරු ව කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් එම දේහය රැගෙන යනු ලැබී ය.

12 වැනි දා පස්වරු 03.00 ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව සිදු කෙරේ. එසේම එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

අපවත්වන විට 73 හැවිරිදි වියේ පසු වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ මෙරට දී හෘද සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2015 09:31