June 26, 2024

පොලිසියේ අවම බලයෙන් 7ක් රෝහලේ (VIDEO)

අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට ඊයේ (29) එල්ල කළ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ අටදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස අතර සිසුවියන් සිව් දෙනකු, සිසුන් තිදෙනකු හා පොලිස් කොස්තාපල්වරයෙකු සිටින බව පැවසේ.

ඉන් සිසුවියන් දෙදෙනකු හා කොස්තාපල්වරයා නේවාසික  ප‍්‍රතිකාර ලබන බව සඳහන්ය.

තුවාල ලැබූ තවත් සිසුන් පිරිසක් පළාගොස් ඇති බව ද වාර්තා වන අතර කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් සිසුන් 39 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස අතර සිසුවියන් පස්දෙනකු හා භික්ෂුන් වහන්සේ දෙනමක් සිටින බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සිසු සිසුවියන් බම්බලපිටිය පොලිසියේ රඳවා සිටින අතර අද දින (30) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිසුන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලිසියට අවම බලය යොදා ඔවුන් පාලනය කිරීමට සිදු වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 30 October 2015 11:00