June 26, 2024

ශ්‍රීලනිපය හැර යනවාද? නාමල් පිළිතුරු දෙයි

ඉදිරියේ දේශපාලන කරලියේ සිදුවන සිදු වීම් පිළිබඳ අවධානයෙන් සිටින බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මේවන විට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමිනි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂෙන් අයින් වෙලා පළාත් පාලන මැතිවරණයට වෙනම තරඟ කරන්න අදහසක් නැද්ද ? යන්න එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්නයක් යොමු කර තිබූ අතර ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසූවේ “අපි සැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ. ඉදිරියේ දේශපාලන කරලියේ සිදුවන සිදු වීම් පිළිබඳ අපි අවධානයෙන් පසු වෙනවා.“ 

එමෙන්ම ළමා  අපචාර හා මරණ දඬුවම පිලිබඳ ප්‍රශ්නයක් ද මන්ත්‍රී වරයා වෙත යොමු කර තිබූ අතර ඔහු එයට පිළිතුරු දී තිබුණේ පහත පරිදිය.

ප්‍රශ්නය :  මරණ දඬුවම නීතිගත කරන්නඅවශ්‍යයි කියන මතයේ ඔබත් ඉන්නවද? මේ ඉහල යන ළමා අපචාර මැඩ පවත්වන්න ගත යුතු ක්‍රියාමාර්ග ලෙස ඔබ දකින්නේ මොනවද?

පිළිතුර : වර්තමාන රටේ නීතිය හා සාමය ක්‍රියාකරවීම පිළිබඳව ගැටලුවක් පවතී.. සේයාගේ ඝාතනය තුල සිදු වූ ක්‍රියාදාමය ඉතා කදිම උදාහරණයකි. එනිසා මෙම මරණ දණ්ඩනය පිළිබඳව දීර්ඝ වශයෙන් විවාද කල යුතුයැයි මා විශ්වාස කරනවා.. අතීතයේ ලමා අපචාර වැනි කරුණු සුලභ නොඇසුනත්, අද වනවිට එය ඉතා සුලභ සහ නිතරම ඇහෙන ආකාරයට පත් වී තිබෙනවා... මේ පිළිබඳ වගකීම රජයත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් මෙන්ම ඔබත් මමත් සමාජයේ සැවොමත් භාර අරගෙන කටයුතු කල යුතුයැයි මම විශ්වාස කරනවා...

සමාජජාල ක්‍රියාකාරීන් අසා තිබූ තවත් ප්‍රශ්න කිහිපයක් හා ඒවාට රාජපක්ෂ මහතා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය : හින්ද රාජපක්ෂ ක්‍රියාත්මක කල මහින්ද චින්තනය යටතේ අපේක්ෂිතව තිබූ සංවර්ධිත සුන්දර ශ්‍රී.ලංකාවේ බලාපොරොත්තු සියල්ල බිද වැටී අවසන්ද නැත්නම් තවමත් බලාපොරොත්තු තබා ගත හැකිද ?

පිළිතුර : මහින්ද චින්තනයෙන් සිදු වූ සීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙල ජනවාරි 8දා සිට නවතා දැමීම පිළිබඳ මම කණගාටු වෙනවා. මෙම සංවර්ධන වැඩපිළිවෙල නැවත ආරම්භ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය : දැන් අපි ජිනීවා වලට දේශීය යාන්ත්‍රනයෙන් පිළිතුරු එකඟ උනා, ඒත් ජනතාවට සාධාරණ සැකයක් තියනවා දේශීය යාන්ත්‍රනයට විදේශීය බලපෑම අනිවාර්‍ය්න්ම එයි කියලා... මේ ගැන ඔබේ මතය මොකක්ද... බලපෑමකට මූණදෙන්න තරම් විපක්ෂය බලවත් ද??

පිළිතුර : හයිබ්‍රිඩ් අධිකරණයක් ශ්‍රී ලංකාවට ගෙන ඒම මම දකින්නේ ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියට සිදු කරන අපහසයක් විදිහට. දේශීය අධිකරණයට මෙම පරීක්ෂණය සිදු කිරීමට හැකියාව තිබියදී හයිබ්‍රිඩ් අධිකරණයක් ලබා දීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යාන්තරයේ සමහර රටවල අතකොළුවක් වීම පමණයි. ඒ වගේම, මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තරය සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම් සහ සම්මුතීන් රටට හෙළි කල යුතුයි.

ප්‍රශ්නය : හිතවත් නාමල්,මට දැන ගැනීමට අවශ්‍ය වර්තමාන දේශපාලන පසුබිම තුළ හිටපු ජනාධිපති තුමාගේ ඉදිරි දේශපාලන සැලසුම් මොනවාද යන්න ,සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස??

පිළිතුර :  හිටපු ජනාධිපති තුමා එදා මෙන් අදත් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටීවි. වර්තමාන දේශපාලන වාතාවරණය තුල රට දේශපාලනික වශයෙනුත් ආර්තික වශයෙනුත් දැඩි කඩා වැටීමකට ලක් වෙමින් තිබෙනවා.. ඒ තුලින් ජාත්‍යාන්තරය ඉදිරියේ අපේ රට දණින් වැටෙන තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ...

ප්‍රශ්නය : මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම සම්බන්දයෙන් දක්වන අදහස?

පිළිතුර : මම එය දකින්නේ රාජපක්ෂ නාමයෙන් පමණක් පළිගැනීමක් ලෙස නොව සමස්ත හම්බන්තොට ජනතාවගෙන් පළිගැනීම සඳහා ගත් අනුවණ ක්‍රියාමාර්ගයක් ලෙසයි.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 October 2015 17:05