June 26, 2024

සේයා මැරූ බව කොණ්ඩයාගේ අයියා පිළිගනී

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළේ තමන් බව සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සමන් ජයලත් නමැත්තා පාපොච්චාණය කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උසාවියට දැණුම් දී ඇත.

සමන් ජයලත් යනු මීට පෙර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුව සිටි දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයාගේ වැඩිමල් සොයුරායි.

අසාමාන්‍ය ලිංගික චර්යා සහිත බව හෙළි වූ කොණ්‌ඩයා මෙන්ම ඔහුගේ සොහොයුරු ද කාන්තාවන් ඇසුරට මෙන්ම විකෘති ලිංගික ක්‍රියාවන්ට දැඩි ඇල්මක්‌ දක්‌වන පුද්ගලයකු බව හෙළි වී ඇති අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් වසර හයකට ආසන්න කාලයක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි.

මෙම ඝාතනය සිදු කළ බවත් පසුව වැඩිමහල් සොහොයුරාට කියූ බවත් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයා කිහිප වතාවක් විවිධ ප්‍රකාශ ලබාදී ඇති අතර නැවත වරක් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනයට තමා සම්බන්ධ නොමැති බවත් මෙහි සැබෑ ඝාතකයා අයියා බවත්ය.

දෙදෙනාම ලබන 19 වැනිදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් දෙවැනි සැකකරු ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් සඳහා ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියට නියෝග කළේය.

Rate this item
(0 votes)