June 26, 2024

සේයා මැරුවේ කොණ්ඩයා නෙවෙයි ද?

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයාගේ වැඩිමහල්  සොහොයුරා වන සමන් ජයලත් නමැති පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 03 වැනි දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනයට එම පුද්ගලයා ද සෘජුව සම්බන්ධ බවට යම් යම් තොරතුරු හරහා තහවුරු වෙමින් පවතින බව රහස් ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇති බව වාර්තා වේ.

යම් යම් විද්‍යාත්මක සාක්ෂි හරහා ඒ බව හෙළිවෙමින් තිබෙනා බව වාර්තා වන අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු කොණ්ඩයාද නැත්නම් ඔහුගේ සහෝදරයා වූ සමන්ද යන්න තහවුරු කර ගත හැක්කේ DNA ප්‍රතිඵලය අනුව බව ‍පොලිසිය පවසා තිබේ.

දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයා කිහිප වතාවක් විවිධ ප්‍රකාශ ලබාදී ඇති බව පැවසෙන අතර තමන් මෙම ඝාතනය සිදු කළ බවත් පසුව වැඩිමහල්  සොහොයුරාට කියූ බවත් සැකකරු පවසා ඇති නමුත් නැවත වරක් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනයට තමා සම්බන්ධ නොමැති බවත් මෙහි සැබෑ ඝාතකයා අයියා බවත්ය.

එමෙන්ම තම වැඩිමහල්  සොහොයුරා තමන් පිට පටවා ඝාතන චෝදනාවෙන් දැන් බේරී ඇති බව කොණ්ඩයා පවසා ඇති බව පැවසෙන අතර ඔහුගේ පරස්පර ප්‍රකාශවල සත්‍යතාව තවමත් හෙළි වී නැත.

කොණ්ඩයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සොහොයුරා සමන් ‍පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර පසුව ඔහු නිදහස් කර යවා තිබූ අතර ඔහු යළි හදිසියේම අත්අඩංගුවට ගත්තේ මෙම ඝාතනයට සමන් ද සම්බන්ධ බවට හෙළිවීමත් සමග බව වාර්තා වේ.

එසේ අත්අඩංගුවට ගත් සමන් ජයලත් ඊයේ (04) දිනයේම මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කොට පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව පැවසේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 October 2015 10:05