May 17, 2024

උතුරු මැද ආණ්ඩුකාරවරයා උත්සවයකදී හදිසියේ ඇද වැටේ (PHOTOS)

අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේ පැවති ජාතික වැඩිහිටි දින උත්සවයේදී උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා ක්ලාන්තය සෑදීම හේතුවෙන් වේදිකාවේ ඇද වැටී ඇතැයි වාර්තා වේ.

ඔහු ගිලන් රියකින් වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගිය බව සංවිධායකයෝ පවසති.

ඔහුගේ රෝගී තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජාතික වැඩිහිටිදින උත්සවය අද (01) පෙරවරුවේ අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාස පරිශ‍්‍රයේදී පැවැත්විණි.

ඡායාරූප පහතින්.

 (ඡායාරූප - ලංකාදීප)

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 October 2015 14:45