May 17, 2024

අයහපත් කාලගුණය නිසා 19,000 ක් පීඩාවට (AUDIO)

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 19,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත් ව සිටින බව අපදා කළමනානරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ ය.

මාතර දිස්ත්‍රික්කයේ අවතැන් වූ පුද්ගලයින් 521 දෙනෙක් ස්ථාන 04 ක රඳවා සිටින බව අපදා කළමනානරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

එසේ ම ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ආරක්ෂිත ස්ථාන 02 ක පුද්ගලයින් 34 ක් රැඳී සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

ඉකුත් 29 වැනි දා සහ 30 වැනි දා වනවිට පීඩාවට පත් මුළු සංඛ්‍යාව 19,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් වර්ෂාව තත්ත්වය බොහෝ සෙයින් අඩු වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා කර ඇති බව හෙතෙම සඳහන් කළේ ය.

එම හඬපටය පහතින්.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 October 2015 12:21