May 17, 2024

රනිල්, මහින්ද, චන්ද්‍රිකා, සම්බන්ධන් එකම වේදිකාවේ (VIDEO)  

මෙම වසර අවසන් වීමට පෙර නව මැතිවරණ ක‍්‍රමය හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයද සියයට 25 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (30) පෙරවරුවේ පැවති මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.  

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වූ අතර, ඊට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියහ. 

එහිදී මැතිවරණ කොමසාරිස්වරයාට දකුණු පසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටි අතර, ඊට යාබද අසුනේ අසුන්ගෙන සිටියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි. අග‍්‍රාමාත්‍යවරයාට යාබද අනෙක් අසුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය අසුන්ගෙන සිටියාය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, හිටපු අග‍්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න ඇතුලූ දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

ඡායාරූප - අද 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)