June 26, 2024

හිරුණිකා රෝසි ගැන කියන කතාව

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී කාන්තාවන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ගත් ප්‍රයත්නය අසාර්ථක වූ බවත් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ සංස්කෘතිය තුළ කාන්තාවක් දේශපාලනයට පැමිණීමට නම් ප්‍රසිද්ධ චරිතයක් වීම හෝ තම පියා, ස්වාමිපුර්ෂයා, සොයුරා මියයාම වැන්නක් සිදුවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ බීබීසී සිංහල සේවයේ අසාම් අමීන් සමඟ පැවැත්වූ "නවක මුහුණු" විශේෂාංගයට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තවමත් ලබා නොගත් මුත්, අලියා ලකුණින් තරග කළ නිසා තමන් හැඳින්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් ලෙස බව ද ඇය ප්‍රකාශ කළා ය.

"රෝසි සේනානායක වැනි ප්‍රබල චරිතයක් මෙවර පරාජය වීමට හේතුව හිරුණිකාදැ"යි අමීන් විමසූ පැනයට පිළිතුරු දුන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසූවේ තමන් එය විශ්වාස නොකරන බවත්, මේ මොහොතේ දී අවශ්‍යම කෙනෙක් වන රෝසි සේනානායක මහත්මියට පාර්ලිමේන්තු වරම් ලැබුණා නම් හදවතින්ම සතුටු වෙන කිහිපදෙනා අතර තමන් ද එක් අයෙක් බවත්, සේනානායක මහත්මියට ලැබුණු බටහිර කොළඹ ආසනයේ ජනගහනයමදි වීම ඇගේ පරාජයට එක් හේතුවක් වන්නට ඇති බවත් ය.

මෙහි වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 September 2015 12:34