June 26, 2024

වැඩ භාර ගනිද්දීම අස්වීම ගැන කී වෙදාරච්චි (VIDEO)

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ඊයේ (17) එම අමාත්‍ය ධූරයේ වැඩ භාරගත්තේ ය.

එහි දී අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස අදහස් පළ කළේ ය.

"මහින්ද අමරවීර මැතිතුමාට කැබිනට් ධීවර ඇමතිකම තංගල්ල ආසනයේ සන්ධානයේ සංවිධායකතුමාට ලබා දුන්නා තංගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයක වන දිලිප් වෙදආරච්චි වන මට ධීවර රාජ්‍ය ඇමතිකම ලබා දුන්නා. අපි කොහොමද මේක කරන්නේ. අපි දෙන්නා ගෙනල්ලා වෙනම ටියුෂන් එකක් දෙන්න ඕන. දීලා අපි දෙන්නට මේ වැඩ කරන හැටි කියලා දෙන්න ඕන. මේවා බෙදලා දෙන්න ඕන. නැත්තන් මේක මේ ඔලුව කල්පනා කරන්නැතුව දැන් මිනී මරාගන්නවා මේ කේලම් අහනවා. කේලම් අහලා ජනතාවට සේවය කරන්න බැරි වෙනවා. ඒක හරි ආකාරයෙන් ඉෂ්ඨ නොකරොතින් මේ අමාත්‍යංශයෙන් මම ඉල්ලා අස් වෙනවා. මම මන්ත්‍රීවරයෙක් හැටියට ජනතාව අතර ඉන්නවා.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2015 10:04