May 03, 2024

නිදහස් පක්ෂ සමුළුවට චන්ද්‍රිකා නෑ 

September 02, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය පොලොන්නරුව රජරට නවෝදය ක්‍රීඩාංගණයේදී ඇරැඹිණි.

ශ්‍රීලනිපයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සම්මේනයට පැමිණියේය. 

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සමුළුවට එක්වීමට නියමිතව තිබුණත් ඇය විදේශ ගතව සිටින බැවින් සමුළුවට එක්නොවූ බව පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පක්ෂ සම්මේලනය අමතමින් පැවසී ය. 

හිටපු අගමැති දි.මු ජයරත්න මහතා ඇතුළු නිදහස් පක්ෂ ප්‍රභලයන් සම්මේලනයට එක්ව සිටිති. හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිගේ දකුණු පසින් වාඩි වී සිටියි.

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී.ජේ සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී දිසානායක, පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.

 

Rate this item
(1 Vote)