May 03, 2024

ශ්‍රීලනිප 64 වැනි සැමරුමට සියල්ල සූදානම් - චමල්, දි.මූ. එයි 

September 02, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සර සැමරුම් උත්සවය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව අප වාර්තාකරු පවසයි.

ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කඳුරුවෙල රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම උත්සවය සඳහා මේවන විට හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අගමැති දි.මු ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, හිටපු සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් සහභාගී වී තිබේ.

මෙම සංවත්සර සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ඒෂියන් මිරර් කළ විමසීමක දී සඳහන් කළේ ය.

මීට අමතරව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

පොළොන්නරුව - සමීර ධනංජය

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 September 2015 14:40