May 21, 2024

සොයිසාපුර මහල් නිවාසයක ගින්නක්

මොරටුව - සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලක 3 වන මහලේ ඊයේ (24) රාත‍්‍රියේ ඇති වූ ගින්නකින් එම මහලේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ප‍්‍රදේශවාසීන් සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එම ගින්න නිවා දමා ඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර සිදුවු දේපළ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැත.

එම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

මේ අතර කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතේ භාණ්ඩ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක ද ඊයේ රාත්‍රී හදිසි ගින්නක් හටගෙන තිබුණි.

ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශාවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පැවසී ය.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මොරටුව - ඉන්දික මනෝජ්

Rate this item
(0 votes)