May 19, 2024

නව රජයේ ඇමතිවරු තිදෙනෙකු දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු අද(24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මංගල සමරවීර, ඩී.එම්.ස්වාමිනාදන් හා විජයදාස රාජපක්ෂ ඇමතිවරුන් ලෙස දිවුරුම්දී ඇත.

ඒ අනුව මංගල සමරවීර විදේශ කටයුතු ඇමතිවරයා ලෙසත්, ස්වාමිනාදන් නැවත පදිංචිකිරීම් හා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙසත්, විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

අන්තර්ජාතික සමුළු තුනකට සහභාගිවීමට නව ඇමැතිවරු තිදෙනෙක් ඇමති පදවිවල දිවුරුම්දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යාමට නියමිතය.

මංගල සමරවීර මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවකටද, ස්වාමිනාදන් මහතා සරණාගතයන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවකටද රාජපක්ෂ මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ රැස්වීමකටද සහභාගීවීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 August 2015 16:11