නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර 19ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍යධූර 16 පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත් අද(23) අමාත්‍ය මණ්ඩලය සදහා මන්ත්‍රීවරුන් නම්කර අවසන් කිරීමට පක්ෂ දෙකම තීරණය කර තිබේ.
අටවැනි පාර්ලිමේන්තුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී පසුගිය 21 වැනිදා දිවුරුම් දුන්නේය.
ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමේ ගිවිසුමකට ශ්‍රීලනිපයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අත්සන් තැබීය.