May 19, 2024

විමල්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි - ජාතික ආණ්ඩුවට විමල් එක්වෙයිද? (VIDEO)

වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ බව වාර්තා වේ.

එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

අල්ලස් කොමිසම අහපු ප්‍රශ්නම මූල්‍ය අපරාධ කොට්ඨාසයෙනුත් ඇසූ බවත් නව රජය ජාතික ආරක්ෂාව දුර්වල නොකර, බෙදුම්වාදය ශක්තිමත් නොකර, රටේ ජාතික ආර්ථිකය දිය කර හරින්නේ නැතිව රට පාලනය කලොත් රජය පිළිබඳ පැහැදීමක් ඇති බවත් එසේ නොවුණහොත් ප්‍රශ්නයක් ඇති වන බවත් ඔහු එහිදී පැවසී ය.

ජාතික ආණ්ඩුවක් කියන්නේ එජාප ආණ්ඩුවක ශ්‍රීලනිපය වලිගය වීමක් එකක් බවත් ශ්‍රීලනිපය එජාපයේ නැටවීමක් බවට පත්වන බවත් එය රනිල්ගේ සුළුතර ආණ්ඩුව බහුතර ආණ්ඩුවක් බවට පත් කරවීමක් බවත්  ඒ පාවාදීමට තමන් ඇතුළු ශ්‍රීලනිපයේ ජාතින ආණ්ඩුවකට විරුද්ධ මන්ත්‍රීවරුන් සම්බන්ධ නොවන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(2 votes)