May 19, 2024

සන්ධානයේ විධායක සභාවෙන් කුමාර වෙල්ගම ඉවතට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවෙන් තමා ඉවත් කළ බවට එම සන්ධානයේ වැඩබලන ලේකම් විශ්වා වර්ණපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් තමාට ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

තමාගේ ඉවත්කිරීමට එම ලිපියේ හේතු දක්වා නොමැති බවත් එහි දක්වා ඇත්තේ ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ වගන්තියක් අනුව එම ඉවත් කිරීම සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 13 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවටත්, නව සාමාජිකයින් නම් කරමින් ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා විසින්  මැතිවරණ කොමසාරිස්වරයාට පසුගිය 17 වැනිදා ලිපියක් යොමුකර තිබේ. 

Rate this item
(1 Vote)