May 18, 2024

එල්.ටි.ටි.ඊයේ හිටපු තරුණ පිරිස් ජාතික ආර්ථිකයට දායක වෙයි

උතුරු පළාතේ සිටි එල්.ටි.ටි.ඊයේ හිටපු තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන මුඩු බිම් අක්කර 500ක වගාවක් ආරම්භ කර තිබේ.

යාපනය, කිළිනොච්චි සහ මුලතිව් යන දිස්තික් තුනේ මුඩු බිම් අක්කර 500 ක පමණ මේ වනවිට සාර්ථක ලෙස වගා කර ඇතැයි සිවිල් ආරක්ෂක බලකාය සඳහන් කරයි.

මේ වනවිට කිළිනොච්චියේ 1515ක්, මුලතිව් 1541ක්, යාපනයේ 354ක් ආකාරයෙන් පිරිස විසිරී ගොවි බිම්, පෙර පාසල්, අත්කම්, නැටුම්, උපකාරක පංති ආකාරයෙන් මෙම පිරිස් සේවාවල යොදවා තිබේ.

මෙසේ සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන සිටින පිරිසට මසකට රුපියල් 30,000ක වැටුපක් ලබා දී ස්ථිර සේවයේ යොදවා ඇත.

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ වැටුපක් නොලැබුණු බවත් නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවිය යුතු බවත් මේ වනවිට තමන් දරුවන් දෙමාපියන් සමග සතුටින් ජිවත්වන බවත් ඔවුහු පවසති.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පුනරුත්ථාපනය කිරීම් තවදුරටත් වැඩි කර ඇත.

කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)