ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව පාර්ලිමේන්තුව සදහා තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.
එහිදී ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිලිබද සංවාදයක නිරත වූ බව වාර්තා වේ.
එම අවස්ථාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.