May 19, 2024

මහින්ද සමඟ අද පැවැති රැස්වීම ගැන වාසු හෙළිකරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී රැස් වී සාකච්ඡා කළ බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා පැවසුවේ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් එහි දී සාකච්ඡාවට ලක් වූ බවයි.

රැස්ව සිටි මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවකට සිට විරුද්ධත්වය පළ කළ බව පැවසූ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සාකච්ඡාවට සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහභාගි නොවූ බව යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2015 14:27