May 19, 2024

CID ගිය ගම්මන්පිල කතා කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට කැඳවීමෙන් පසු එහි නිලධාරීන් තමාගෙන් පැය 3ක් පමණ ප්‍රශ්ණ කරමින් ප්‍රකාශ සටහන් කරගත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ය.

මෙසේ තමාගෙන් ප්‍රශ්ණ කළේ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු සමග එක්ව සමාගමක මුදල් වංචා කළ බවට තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති ව්‍යාජ පැමිණිල්ලකට අනුව බවයි ගම්මන්පිල මහතා පැවසූවේ.

ගම්මන්පිල මහතා මේ බව පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස් පැමිණෙන අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක වැනි පුද්ගලයින් විසින් දේශපාලන වශයෙන් තමාට අවාසි සහගත තත්ත්වයක් උදාකරලීම සඳහා මෙවන් ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරන බව ද ගම්මන්පිල මහතා පැවසුවේ ය.

තව ද මෙවර මැතිවරණයෙන් ශක්තිමත්ම විපක්ෂයක් බිහිවී ඇති බව සහ ජනවරමට අනුව ප්‍රබල විපක්ෂයක් ලෙස විපක්ෂයේ කාර්යභාර්ය නිසි ලෙස ඉටු කිරීමට සූදානම්ව සිටින වග ප්‍රකාශ කළ ගම්පන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ යහපාලනය සමග එක්වුණු බොහෝ පිරිසක් මෙම මැතිවරණයෙන් පරාජයට පත්වුණු බවත්, ඉදිරියේදීත් ඇමතිධූර ලබා ජාතික ආණ්ඩුවකට එක්වන පිරිස්හටද එම ඉරණමම අත්වන බවත් ය.

එමෙන්ම යහපාලනයට එක්වන පිරිස් විහින් සියදිවි නසාගැනීමට නියමිත බව ද ඔහු පැවසුවේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2015 14:00