June 03, 2024

සුජීව සේනසිංහ අදත් හෝමාගම උසාවියට ඇවිත් නෑ

හෝමාගම, හබරකඩදී පොලිසියේ රාජකාරියට අවහිර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අදත් හෝමාගම අධිකරණයට නොපැමිණි බව වාර්තා වේ. 

එහිදී නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි පොලීසිය ඉල්ලා සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සිදුවීම නිසා ඔහුට මානව හිමිකම් කොමිසමට යෑමට සිදුවූ බවත් ලබන 26 වැනිදා ඔහු නොවරදවාම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහුගේ නීතිඥවරයා පැවසී ය.

Rate this item
(0 votes)