May 21, 2024

'තජුදීන්ට වද දෙන හඬ දුරකථනයෙන් පෙම්වතියට ඇසීමට සලස්වලා' - සුජීව කියයි (VIDEO)

වසීම් තාජුදීන් ඝාතනය කරද්දී ඔහුට වද දෙන හඬ දුරකථනය ඔස්සේ ඔහුගේ පෙම්වතියට ඇසීමට පවා සලස්වමින් කෲර ඝාතනයක් සිදු කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි අධිකරණ  නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (11) කොළඹ 7, ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී ය.

තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් කතා කරන විට රාජපක්ෂ රෙජීමය හා හෙන්චයියන් තැති ගැන්වී ඇති බවද මේ රටේ කිසිම තැනක වාහනයක් හැපී එය සම්පූර්ණයෙන් ගිනිගෙන පුද්ගලයකු මැරී නැතැයිද තාජුඩීන් ඝාතනය කරද්දී ඔහුට වද දෙන හඬ දුරකථනය ඔස්සේ තාජුඩීන්ගේ පෙම්වතියට ඇසීමට පවා සලස්වමින් කෘර ඝාතනයක් සිදු කර ඇති බවත් ඔහු පැවසී ය.

මෙම මරණය අවුරුදු 3ක් තිස්සේ පසුගිය රජය පරීක්ෂණ නොකර වසා දැමූ බවද ඔහු පැවසී ය.

මෙය මැතිවරණය ඉලක්ක කර සිදුකරනු ලබන පරීක්ෂණයක් යැයි ඇතැමුන් චෝදනා නගන බවත් මෙය එවැන්නක් නොවන බවත්, ඔහුගේ මව්පියන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවත් සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 11 August 2015 18:20