May 20, 2024

ටෝනි බ්ලෙයාර් දිවයිනට

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා තම බිරිඳ වන චෙරී බ්ලෙයාර් සහ දරු දෙදෙනා ද සමඟ මෙරටට පැමිණ තිබේ.

අද දහවල් 1.40ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 348 දරණ ගුවන් යානයෙන් පැමිණි බ්ලෙයාර් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අභ්‍යන්තර ගුවන් සේවාවකට අයත් යානයකින් අනුරාධපුර ප්‍රදේශය බලා පිටත් වී ඇත.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනාවකට අනුව මෙහි පැමිණ ඇති ඔවුන් සති දෙකක කාලයක් මෙරට රැඳී සිටින බව වාර්තා වේ.

TKG කපිල

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 August 2015 09:07