May 21, 2024

මැතිවරණය පෙර විමල් හා නාමල් FCIDයට කැඳවන්නේ නෑ - පොලීසිය

මහ මැතිවරණය අවසන්වනතුරු දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නොගෙන්වන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උපදෙස් ලබා දී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය. 

ඒ අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කළ කැඳවීම තාවකාලිකව අවලංගු කළ බව ද ඔහු සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ලබන 13 වැනිදාත්, ඔහුගේ බිරිඳ වන ෂෙහාෂා උදයන්ති රණසිංහ මහත්මියට හෙට (12) දිනයෙත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන්නැයි දන්වා තිබිණි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හෙට (12) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි සිය ට්විටර් වෙබ් අඩවියෙන් සඳහන් කර තිබිණි.

 

Rate this item
(0 votes)