May 21, 2024

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව වව්නියාවේ උපවාසයක් 

යුද්ධයේ දී අතුරුදන් වූ තම ඥාතීන් සොයාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂකයින් බල කරමින් අද (11) වව්නියාව නගරයේ කන්දසාමි කෝවිල ඉදිරිපිටදී පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අතුරුදන් වූවන් සොයා දෙන බවට සඳහන් කර ඇති නිසා මේ අවස්ථාවේ දී තමන්ගේ මෙම ඉල්ලීම පිළිබඳ සළකා බලන ලෙස උපවාසකරුවෝ සඳහන් කරති.

යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ දෙමව්පිය සහෝදර ඥාතීන් පිරිසක් විසින් දියත් කළ මෙම උපවාසයේ දී මෙවර දෙමළ ජාතික සන්ධානයට ඡන්දයදීමට නම් මේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලිය යුතු බව උපවාසකරුවෝ වැඩිදුරටත් සඳහන් කර ඇත.  

වව්නියාව - දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)