May 21, 2024

එජාප රැළියේ දී ඇමති වසන්තට 'හූ' කියයි

පොළොන්නරුව එජාප අපේක්ෂක, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ පොළොන්නරුව එජාප අපේක්ෂක නාලක කොලොන්නේ මහතාගේ ආධාරුකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කර තිබේ.

තුවාල ලබා ඇති නාලක කොලොන්නේ මහතාගේ ආධාරුකරුවන්  පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පොළොන්නරුව, කදුරුවෙල බස් නැවතුම්පොළ අසල මැතිවරණ ප්‍රචාරක රැස්වීමකින් අනතුරු ව මෙම ගැටුම ඇති වී තිබේ.

මෙම රැස්වීම සඳහා වසන්ත සේනානායක මහතාගේ සහ නාලක කොලොන්නේ මහතාගේ ආධාරකරුවන් සහභාගී වී තිබේ. එහි දී වසන්ත සේනානායක සභාව අමතන අවස්ථාවේ දී ඊට බාධා කරමින් විරුද්ධ පාර්ශවයේ පිරිස හූ කියා ඝෝෂා කර තිබේ. 

මෙම සිදුවීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවට සහභාගී වී ඇත. මෙම රැස්වීම සඳහා පුද්ගලයින් 15,000 ක් පමණ පිරිසක් සහභාගී වූ බව අප වාර්තාකරු පැවසී ය.

පොළොන්නරුව - සමීර ධනන්ජය

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 August 2015 17:23