May 20, 2024

'ඡන්දය මහින්දට අවාසියි : මහින්ද දේශපාලන ජීවිතය බේරා ගැනීමේ මාරාන්තික සටනක' - බීබීසී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන මහ මැතිවරණයේදී සිය දේශපාලන අනාගතය වෙනුවෙන් 'මාරාන්තික සටනක' නියැළෙන බව බී.බී.සී ජාත්‍යන්තර පුවත් සේවය සඳහන් කරයි. 
 
හිටපු ජනාධිපතිවරයා මෙවර මහ මැතිවරණයේදී බෙහෙවින් අවාසිදායක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවටද බී බී සී ලෝක සේවය ප්‍රකාශ කරයි. 
 
වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් බී බී සී ලෝක සේවයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් මැතිවරණයට තරග වදින්නේ ජනතාවගේ ඉල්ලීම මත බවයි. තමන් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව නිවසට වී විශ්‍රාම සුවයෙන් සිටින්නට මුලදී සිතා සිටි නමුත් ජනතාව දහස් ගණනින් සිය නිවසට පැමිණ දේශපාලනයට පැමිණෙන්නැයි තමන්ට ආරාධනා කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
එහෙත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය බරපතළ ලෙස හානි වී ඇති බවද බී බී සී ලෝක සේවය පවසයි. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව එල්ලවෙන චෝදනා සියල්ලම දේශපාලනමය චෝදනා බවයි. තමන් මහජන මුදල් සොරකම් කළේ නම් නව රජයට ඒවා සොයා ගත නොහැකි වුණේ මන්දැයි රාජපක්ෂ මහතා ප්‍රශ්න කොට තිබුණි. 
 
කෙසේ වුවත් රාජපක්ෂ මහතාගේ රැළි වලට තවත් හොඳ ජන සහභාගිත්වයක් පවතින බවත් ඒ නිසා ඔහු සුළු කොට තැකිය නොහැකි බවත් බී බී සී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කොට තිබුණි. 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2015 11:57