May 21, 2024

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් සියල්ලෝම නිදහස් කරයි

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත මෙතෙක් අත්අඩංගුවේ පසු වූ ඉන්දිය ධීවරයින් 40 දෙනෙකු නිදහස් කර ඇත.

ඉන්දියාවේ රාමේශ්වරම් සිටි පැමිණි ධිවරයින් 14 දෙනකු සහ කරෙයිකාල් හා නාගපටිනම් සිට පැමිණි ඉන්දිය ධීවරයන් 26 දෙනෙකු මෙසේ නිදහස් කළ පිරිස අතරට අයත් බව වාර්තා වේ.

මෙම නිදහස් කිරීමෙන් පසු මේ වන විට කිසිදු ඉන්දීය ධීවරයෙකු මෙරට අත්අඩංගුවේ පසු නොවන බව ධීවර අමාත්‍යාංශ ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතා  පවසා ඇති අතර නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 40 දෙනා කඩිනමින් ඉන්දිය බලධාරීන්ට භාරදීමට නියමිතබව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2015 02:03