May 21, 2024

'ආමි සම්පත්' ආවේ මැයි මාසයේ - රටින් පිටවීම තහනම්

ආමි සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මේ වනවිට ඔහුට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ය.

දැනටමත් ආමි සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත් ඔහුට නිකුත් කර ඇති වරෙන්තු පිළිබඳ වාර්තාවක් තවම ගෙන නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.  

මේ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් මත දේශපාලන කටයුතුවල යෙදෙන මැර කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ වැටලීම් 197කදී සැකකරුවන් 447 ක් අත් අඩංගුවට ගෙන ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)