May 21, 2024

මෛත්‍රී, චන්ද්‍රිකා, මලික් එකම වේදිකාවට

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික රාජා උස්වැටකෙයියාව මහතා විසින් රචනා කරන ලද ,ධර්මිෂ්ඨ සමාජයෙන් මෛත්‍රී පාලනයට, කෘතිය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. 

ජනාධිපති ක්‍රමයේ ඓතිහාසික මූලයන් පිළිබද සටහනක් තැබෙන මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වී.ඇම් නවරත්න බණ්ඩාර මහතා විසින් සිදු කළේය. 

ග්‍රන්ථයේ පළමු පිටපත රාජා උස්වැටකෙයියාව මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2015 00:23