May 21, 2024

පස්‌වැනි වරටත් වෛද්‍ය සංගම් සභාපති පුටුව පාදෙණියට 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස ඡන්ද 3,435 ක්‌ ලබමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (09) යළි පත් විය.

සභාපතිවරයා ලෙස පස්‌වැනි වතාවට ද පත් වූ වෛද්‍ය පාදෙණිය මහතා සමස්‌ත ඡන්ද සංඛ්‍යාවෙන් 93.9% ලබාගත් අතර සභාපති පදවියට තරග කළ වෛද්‍ය උපුල් විදානගම මහතා ඡන්ද 223 ක්‌ හෙවත් සමස්‌ත ඡන්ද සංඛ්‍යාවෙන් 6.1% ලබා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය ඉකුත් 08 වැනි දා පැවැත් විය. එහි දී උපසභාපතිවරුන් ලෙස අධිකරණ වෛද්‍ය විශේෂඥ මුදිත කුඩාගම සහ නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් යන මහත්වරු පත් වූහ.

සංගමයේ ලේකම් ලෙස වෛද්‍ය නලින් ද හේරත්, උප ලේකම්වරුන් ලෙස වෛද්‍ය කාංචන බුලංකුලම, වෛද්‍ය සාහි නිරංජන්, වෛද්‍ය හරිත අලුත්ගේ සහ වෛද්‍ය නවීන් සොයිසා යන මහත්වරුද, භාණ්‌ඩාගාරික ලෙස වෛද්‍ය නාත් විඡේසූරිය, සංස්‌කාරක ලෙස වෛද්‍ය චන්දන ධර්මරත්න, උප සංස්‌කාරක ලෙස වෛද්‍ය චමත් සුරංග යන මහත්වරුද තේරී පත් වී තිබේ.

Rate this item
(0 votes)