May 20, 2024

මැතිවරණ නීතියට පිටින් ගිය අමාත්‍යංශ ලේකම්වරු ගැන පරීක්ෂණ

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කළ අමාත්‍යාංශ ලේකම්වරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකුට එරෙහිව රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ තැපැල් අමාත්‍යාංශ ලේකම්, වෘත්තීය පුහුණු අමාත්‍යාංශ අතිරේක ලේකම් සහ එම අමාත්‍යාංශයේම සහකාර අතිරේක ලේකම්වරියකට එරෙහිව බව වාර්තා වේ.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී ඊට පෙර පත්වීම් ලබාදීම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

චෝදනා එල්ල වූ තිදෙනා සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයාගේ උපදෙස්‌ මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්‌ථාන මාරුවීම් සිදුකර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)