May 20, 2024

මැතිවරණ නීතියට හිස නැමූ අපේක්ෂකයින් පිරිසක් - කැෆේ

ඉතිහාසයේ පළමුවරට මැතිවරණ නීතියට ගරු කරන අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ රැසක් මෙවර මැතිවරණයේ දී දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.

දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ මැතිවරණ නීති ආරක්ෂා කිරීම ප්‍රශස්ත අන්දමින් සිදුවන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

කළුතර, පොලොන්නරුව ඇතුළු දිස්ත්‍රික් කිහිපයකින් මැතිවරණ නිති රීති උල්ලංඝණය කිරීම් වාර්තා වුව ද ඒවා පසුගිය ජනාධිපතිවරණය සහ පැවති සෙසු මැතිවරණ සමග සාපේක්ෂ ව සංසන්දනය කළ විට එය ඉතා අවම මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙයි.

මෙලෙස මැතිවරණ  නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 500 කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ ආකාරයට පොලීසිය සහ මැතිවරණ බලධාරීන් නීති රීති අකුරට ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙලෙස නීති ගරුක මැතිවරණ පසුබිමක් නිර්මාණය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ දක්වා කාල සීමාව තුළ කැෆේ සංවිධානය වෙත සිදුවීම් 1338 ක් පිළිබඳ වාර්තා වී ඇත. ඉන් සිදුවීම් 93 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී තිබේ. තවත් 1245ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙස සටහන් වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)