May 21, 2024

සජින්ගේ පෙත්සම ඉවතට 

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

ඒ අනුව ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

කෙසේ වෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු පත්මිණි රණවක ගුණතිලක මහත්මිය කියා සිටියේ ඇප ලබාදිමට තරම් සුවිශේෂි කරුණු මෙම පෙත්සම තුළින් අනාවරණය නොවන බවයි.

රිමාන්ඩ් භාරයේ සිටින සජින් වාස් ගුණවර්ධන මීට පෙර කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ඉල්ලා තිබූ අතර ඔහුට ඇප ලබාදීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළේය.

 

Rate this item
(0 votes)