May 20, 2024

නාමල්ට FCIDයෙන් කැඳවීමක්!

හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට අගෝස්තු 12 වන දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් ලැබී ඇතැයි වාර්තා වේ.

සිය ට්විටර් ගිණුමේ මේ පිලිබඳ සටහනක් තබන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මේ කැඳවීමේ අරමුණ තම මැතිවරණ ව්‍යාපාරය කඩා කප්පල් කිරීම බවයි. එහෙත් එවන් උපක්‍රම වලින් තමාගේ ජයග්‍රහණය වැලක්වීමට නොහැකි බව ඒ මහතා පවසා සිටියි.

Rate this item
(0 votes)