May 20, 2024

බොදුබලේ අලුත්ගමට - කැරළි මර්දන රථත් ගෙන්වයි

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් දෙකක් අලුත්ගම හා දර්ගා නගරයේ පැවැත්වීමට යාම හේතුවෙන් ඊයේ (09) එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

අවට පොලීසිවලට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ කොමාන්ඩෝ භටයින් ද ජල ප්‍රහාරක රථ හා කැරළි මර්දන රථ ද ඒ සඳහා යොදා ගෙන තිබිණ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසක් ද ඒ ස්ථාන වෙත ගොස් ඇත.

ඡායාරූප - ලංකාදීප 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 10 August 2015 10:31