May 12, 2024

තාජුඩීන්ගේ මළසිරුර ගොඩ ගැනීම අද - මූලික කටයුතු ඇරඹේ

රිය අනතුරකින් නොව ඝාතනයකින් මිය ගොස් ඇති බව හෙළි වුණු රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ මළසිරුර අද (10) ගොඩ ගැනීමට නියමිතව තිබෙන අතර එහි මූලික කටයුතු මේ වන විට දෙහිවල - රෝහල් පාරේ පිහිටි සුසාන භූමියේදී සිදුකෙරෙමින් තිබෙන බවට වාර්තා වේ.

ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුවන බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර ඔවුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මළසිරුර ගොඩ ගැනීම සදහා කොළඹ අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය දා අවසර ලබා දුනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 August 2015 10:29