May 12, 2024

ජනපතිගේ ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බළකායට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන සියලු පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබේ. 

මේ අනුව අද (10) එහි පළමු අදියර ලෙස පොලිස් නිලධාරීන් පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශයෙන් ඉවත් කර, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් පිරිසක් එම පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට නියමිතයි.

දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ආරක්ෂක අංශයේ එකම පොලිස් නිලධාරීන් පිරිසක් සේවය කිරීම සහ නව ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මකවන බව වාර්තා වේ.

මේ අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් මුණසිංහ මහතා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා ලෙස පත් වේ.

ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ඔහුගේ ස්ථාන මාරු වීමක් පිළිබඳ ඊයේ (09) වනවිට නිල තොරතුරු වාර්තා නොවිණි. 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 10 August 2015 09:15