May 12, 2024

මත්පෙති හා ගබ්සා පෙති තොගයක් සමග අයෙක් කොටු

රුපියල් එක් කෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා ගබ්සා පෙති සහ සිසු දරුවන්ගේ මනස විකෘති කරන පෙති තොගයක් සමග ඉන්දියාවේ සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (09) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම සැකකරුගේ ගමන් මල්ලේ තිබී ගබ්සා පෙති 6800 ක් සිසු දරුවන්ගේ මනස විකෘති කරන පෙති 116465 තිබු හමුවී ඇත.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 126 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

සැකකරු කල්මුණේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

 

Rate this item
(0 votes)