May 12, 2024

ඡන්දෙට එජාපයේ ප්‍රබලයින්ට මිලියන දෙකහමාර බැගින් දීලා

මෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ අයට රුපියල් මිලියන දෙකහමාර බැගින් ලබාදී ඇති බවත් එසේ මුදල් ලබාදුන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (08) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

බැඳුම්කර ගනුදෙනුව ගැන මේ නිසා සැකයක් මතුවන බවද සන්ධානය හා එජාපය පළකරන වෙළඳ දැන්වීම්වලින් එය පැහැදිලි වන බවද අත්තනායක මහතා පැවසී ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් හැදීමට යෝජනා කරන්නේ මෙවර මහමැතිවරණය ජය ගැනීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි පෙඩරල් විසඳුමක් ඔවුන් අපේක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ ‍මෙම පක්ෂ අතර යම් යම් එකඟතා ඇති බව යැයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)