May 10, 2024

පාතාලය මර්දනයට පොලිස්පතිගෙන් විශේෂ මෙහෙයුමක්

පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කරන ලෙස පොලිස්පතිවරයා පොලීසියේ උසස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැස්කර ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට මෙහෙයුම් දියත් කරන ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් කිහිපයක්ම දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලට යොමු කර තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි.  

 

 

 

Rate this item
(0 votes)