May 10, 2024

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමට කායවර්ධන උපදේශකයෙක් කොටු

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අංගුවට ගෙන තිබේ.

අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසී ය.

28 හැවිරිදි අදාළ පුද්ගලයා කායවර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අයෙක් බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හඳුනාගැනිමට සහ ආයුධ සොයා ගැනීම සඳහා ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිසිය පැවසී ය.

වෙඩි තැබීම සඳහා පැමිණ ඇති මොටර් රථය ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

පසුගියදා සිදුවූ එම වෙඩි තැබීමෙන්  දෙදෙනෙකු මියගිය අතර තවත් 12 දෙනෙකුට තුවාල සිදුවිය.

Rate this item
(0 votes)