May 10, 2024

සීනිගම පෙරහැර අද - කොළඹ ගාල්ල ගමනාගමනයට සීමා

ඓතිහාසික සීනිගම ශ‍්‍රී මහා දේවාලයේ පෙරහැර හේතුවෙන් කොළඹ - ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය අද (08) දිනයේ සීමා කෙරෙන බව පොලීසිය නිවේදනය කර ඇත.
 
පස්වරු 1.00ට දිවා පෙරහැර ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර පෙරහැර සීනිගම දේවාලයේ සිට අම්බලන්ගොඩ දෙසට ගමන් කර බාමියන් බුදු පිළිමය අසලින් හරවා නැවත ගාල්ල දෙසට ගොස් තොටගමුව විජයබා විදුහල අසලින් හැරී නැවත සීනිගම දේවාලය වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.
 
මේ හේතුවෙන් අද පස්වරු 1.00 සිට පෙරහැර අවසන් වන තුරු අදාළ ප‍්‍රදේශයෙන් ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග භාවිතා කළ යුතු වන අතර කොළඹ සිට ගාල්ල දෙසට පැමිණෙන රථ වාහනවලට මීටියාගොඩ කහව හන්දියෙන් හරවා අලූත්වල ගෝනාපීනුවල හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලූ පාරට පිවිසිය හැකි ය.
 
ගාල්ල දෙසින් කොළඹ දෙසට පැමිණෙන රථ වාහනවලට කුමාරකන්ද හන්දියෙන් ගෝනාපීනුවල, අලූත්වල බටපොළ, තිලකපුර පොල්වත්ත  හරහා අම්බලන්ගොඩ නගරයෙන් ගාලූ පාරට පිවිසිය හැකි ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 August 2015 11:21