May 10, 2024

තැපැල් ඡන්දය දාන්න අද විශේෂ දිනයක්

තැපැල් ඡන්දය භාවිත කිරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට අද දිනයේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සළසා ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පවසයි.

ඒ අනුව අද පෙරවරුවේ සිට මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව ලැබේ.

Rate this item
(0 votes)